හෝමාගම මූලික රෝහල (08) දා සිට යලි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම්කර ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මේ හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් මෙතෙක් ලබා දුන් ප්‍රතිකාර යළි දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර සෙසු සේවාවන් සාමාන්‍ය පරිදි සිදු වන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
ඒ අනුව ඇඳන් හැටකින් යුත් අංග සම්පූර්ණ වාට්ටුවක් මේ වන විට වෙන් කර ඇතැයි ද රෝහල් අධ්යක්ෂවරයා කීය.
මෙම කොවිඩ් ප්‍රතිකාර ඒකකය සඳහා විශේෂඥ වෛද්‍ය ,,හෙද ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඉදිරි ප්‍රතිකාර ලබාදීමට නියමිත අතර ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ද විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කීය.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න