හදිසි නීතියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්
ජනපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීති රෙගුලාසිවල ඇතුළත් ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කොට ඇති මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ ආචාර්ය පී. සරවනමුත්තු හා පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් හා නිතිපතිවරයා නම්කර තිබේ.
මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු හා එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අතර එය සළකා බැලීම ජුලි 5 දාට කල්දැමිණ.

popular news
-
Champa Monday, 10 June 2019 05:02 PM
හදිසි නීතිය දාන්නේ එක එක්කෙනාගේ ඕනේ කමට නෙමෙයි, රටක මුළු මහත් ජනතාවගේ ආරක්ෂාව සහතික කරන්න. හදිසි නීතිය දැම්මේ නැත්තම් පෞද්ගලික් දේශපාලන ඕනෑ එපාකම් උඩ ජාතිවාදී ගැටුම් ඇති වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය හිතන්න ඕනේ රටම භයානක ත්‍රස්තවාදී අනතුරක තිබ්බ වෙලාවක, තවමත් මිනිස්සු චකිතයෙන් ඉන්න වෙලාවක වඩා වැදගත් මූලික අයිතිවාසිකම්ද නැත්නම රටේ මුළු මහත් ජනතාවගේ සහ ආගමික සිද්ධස්ථාන සහ රාජ්‍ය සහ පෞද්ගලික දේපලවල ආරක්ෂාවද කියන එක. එක මිනිහෙක් දෙන්නෙක්ගේ ආත්මාර්ථකාමී කමට උසාවි ගියාට, රටක් රැකුණේ සහ තවමත් ඉදිරියට මාස දෙකක් වත් රැකෙන්නේ ඒ කියන්නේ දළදා පෙරහැර ඉවර වෙනකම් රැකෙන්නේ හදිසි නීතිය නිසා. මේ මාසේ හදිසි නීතිය තව මාස දෙකකට දීර්ඝ වෙන්න ඕනේ. රටේ ජනතාව වෙනුවෙන් දැන් කතා කරන්න ජනතා නියෝජිතයෝ නැහැ. විපක්ෂය හදිසි නීතිය දමන කොට ඒකට සහයෝගය දුන්නේ නැහැ. ජනතාවට දැන් තමන්ගේ හඬ නියෝජනය වෙන්න තැනකුත් නැහැ මාධ්‍ය ඇරුනහම. ඇත්තටම රටකට ගිය කලක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

