ආණ්ඩුවේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා තමිල්නාඩු ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් මහතා අතර හමුවක් පැවැත තිබේ.
තමිල්නාඩුවේ, චෙන්නායිහි ස්ටාලින් මහතාගේ නිවසේදී මෙම හමුව සිදුව තිබේ. කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව සඳහනක් නොමැත.
ස්ටාලින් යනු තමිල්නාඩු හිටපු මහ ඇමති එම්. කරුණානිධි මහතාගේ තෙවැනි පුත්‍රයායි.
