ජනතාව හංසයා මත යළිත් විශ්වාසය තබා ඡන්දය දිමට පුළුවන් කමක් නොමැති බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
මාතර, වැලිගමදි ඊයේ (28) පැවති ජන හමුවකදි ඔහු මේ බව පැවසිය.
එහිදි අදහස් පළකල ඒ මහතා ,
දැන් අර පසුගිය දවස්වල ජම්පර් විතානගේ මන්ති‍්‍රවරයා ප්‍රකාශ කරා ගෝඨාභය රාජපක්ෂ මහතාට ජම්පරයක් අන්දනවා කියලා ඡන්ද දවසට පස්සෙන්දා. කොහොමද දන්නෙ නැ එහෙම කරන්නේ. ඒ අය මනුස්සයන් චෝදනා නැතුව හිරේ දාපු එක කරේ. හැබැයි ඒ අය හිරේ දැම්මට නඩු ගොනු කර ගන්න බැරිවුණා. එකෙන් බලාපොරොත්තු වෙන්නේ තවත් දේශපාලනය නොකරන්නයි. මේ තමයි එජාපයේ ප්‍රතිපත්තිය අද සජිත් පේ‍්‍රමදාසට සියලූ දෙනාගේ සහයෝගය නැහැ. ඔය පොඩි ජම්පර් විතානගේ කෙනෙක් තමයි එතුමා පිටිපස්සෙ ඉන්නේ. ඔය ජම්පර් විතානගේම මැදමුලනේ හිටියා කාලයක් එතනින් ගන්න පුළුවන් හැමදේම අරන් මෙතනට ගිහින් අද මැදමුලනටම බුරනවා. එතුමා හිතන්නේ ඒ විදියට බිරුවම ඉන්න තැනින් සංග්‍රහය ලැබෙයි කියලා, මේක තමයි ඇත්ත.
දැන් සජිත් මහත්තයා කියනවා පේ‍්‍රමදාස යුගයක් නැවත ගේනවලූ. පේ‍්‍රමදාස යුගයේ මොකද වුණේ කියලා තමුන්නාන්සෙලා දන්නවා. එදා මිට වැඩිය වෙනස්. අද හිරේ දැම්මට එදා කරේ හන්දිවල ටයර් සැයවල් දාලා පුච්චලා ඒක තමයි පේ‍්‍රමදාස යුගය. ආර්යාවගේ පිංතුරයක් ගත්තා කියලා ඒ පුවත්පත් කලාවේදියා පාරේ මැරුවා. සාගරිකා ගෝමස් ගැන තවම ආරංචියක් නැහැ. ඒ අයට විරුද්ධ සියලූ දෙනා මරා දැමුවා ඒක තමයි එදා කළේ. මේ නිසා තමයි අපි කියන්නෙ රට භයානක තත්ත්වයකට ගෙනත් තියෙනවා. එහෙනම් තවදුරටත් හංසයට ඡන්දය දෙන්න මේ රටේ ජනතාවට පුළුවන්කමක් නැහැ. කාපු පරිප්පු හොඳටම ඇති. රෑ වැටුන වළේ දවල් වැටෙන්නේ නැහැ. ’’ යැයි අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.
මාතර - මහේෂ් මලවරආරච්චි
