සෞඛ්‍ය ඇමති සමග ඇති ප්‍රශ්ණ අමතක කරනවා - GMOA
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැතියත් උතුරේ ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේදී එම ප්‍රශ්ණ සියල්ලම අමතක කර කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
වැසි ජලයෙන් හා ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවිමට වෛද්‍යවරුන් ස්වෙච්ඡාවෙන් සේවය කරන බවත් අවශ්‍ය තරමට වෛද්‍යවරුන් යොමු කිරිමට සූදානම් කර තිබෙන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
මීට අමතරව බෝ නොවෙන රෝග පාලනය කිරිමට අවශ්‍ය කටයුතු පවා සිදුකර තිබෙන බවද අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

popular news
-
Payithagaras Tuesday, 25 December 2018 10:03 PM
මෙන්න බොරුකාරයෝ . ළමයින්ට පාසල් ලබාගන්න ලෙඩුන් අපහසුතාවයට පත්කර වර්ජනය කර පවුද්ගලික වෙදකම් කරන මොවුන්ට ගහල පනවන්න ඕනේ
Reply : 0 116
ravi Tuesday, 25 December 2018 11:09 PM
වෛද්‍ය සංගමය යනු වෘත්තීය සංගමයක්. එහෙත් ඔබගේ රස්සාව මිනිසුන් සුවපත් කිරීම. ඒකට තමයි ඔබට වැටුපක් ගෙවන්නේ . එය තේරුම් ගත යුතුයි. දේශපාලනයයි රැකියාවයි පටලවා ගත යුතු නැත. ලෙඩ වීම යනු මිනිසෙකු අසරන වීමයි. ඒ අසරන භාවය භාවිතා කරමින් තමන්ගේ හෝ වෘත්තියේ අඩුපාඩු දේශපාලකයින් ලවා කරවා ගැනීම නොකරන්න. මිනිසත් කමෙන් ඈත් වුව හොත් අසරණ මිනිසුන්ට වෙන සරණක් නැත.
Reply : 2 215
Don Wednesday, 26 December 2018 07:34 PM
සෞඛ්‍ය ඇමතිතුමාට ප්‍රශ්න කිසිදෙයක් නෑ තමන්ගේ රැකියාවට, සංගමයේ සාමජිකයන්න්ගේ ප්‍රශ්න අමතක කරලා අනුන්ගේ වැඩ ගැන බලන වැඩ නැවත්වුවොත් ප්‍රශ්න මොකවත් නෑ.
Reply : 0 17
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

