සේවා අඬාල කරන්න එපා - ජනපතිගෙන් උපදෙස්
අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් උපදෙස් ලබාදී ඇත.
අද (04දා) පෙරවරුවේ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ජනපතිවරයා මෙම උපදෙස් දී ඇත.
මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසට, සියළුම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත ජනාධිපතිවරයා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

popular news
-
masnima Tuesday, 04 December 2018 12:47 PM
සේවා ... රටම නැති කරන්නේ ඔයානේ...
Reply : 160 53
Lion Tuesday, 04 December 2018 12:50 PM
පව් නොදී යන්න.
Reply : 151 11
samson Tuesday, 04 December 2018 01:20 PM
ඔයාගේ සේවය නීතිගරුක සහ හරියට කළා නම් රට අගතියට පත් වෙන්නේ නැහැනේ. අනික් අයට බන දෙසුවාට හරියන්නේ නැහැ.
Reply : 0 0
Don Tuesday, 04 December 2018 01:22 PM
දැන් මෙයාට වෙලා තියෙන්නේ පාන්කඩ කාපු බළලාට වෙච්චදේ, වමාරන්නත් බෑ, රෙන්නත් බෑ
Reply : 0 0
Nandana Tuesday, 04 December 2018 04:12 PM
රජයේ සේවකයෝ බත් කන හරක් කියලද හිතාගෙන ඉන්නේ නිකන් කකුළුවා මොඩල් කතා දෙන්නේ නැතිව ඉන්න ජනපතිතුමා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
