පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මේ වන තෙක් තේරීම් කාරක සභාවට කැඳවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරින් බවත්, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර, එම සියලූදෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බව ද ජනාධිපවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම අද (07දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ය.
පාස්කු ඉරිදා සිදුවීමට අදාළ නඩු 05ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර, එවන් අවස්ථාවක තේරිම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, ජනාධිපතිවරයා ලෙස තමා එය කථානායකවරයාට ඉදිරිපත් කර තිබෙන අතර, ජනාධිපතිවරයා විසින් යොමු කරන එවන් ලිපි ලේඛන පාර්ලිමේන්තුව ආරම්භයේ දී සාම්ප්රදායානුකූළව කතානායකවරයා විසින් ඉදිරිපත් කළ යුතුව ඇති නමුත්, කථානායකවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳ තමා කනගාටුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.