සේවය අතහැර ගියා සේ සළකා මීට පෙර අවස්ථාවකදිත් දුම්රිය සේවකයින්ට ලිපි නිකුත් කර තිබෙන බවත් මේ නිසා එවැනි ප්රකාශ තුළින් සේවයට වාර්තා නොකරන බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරති.
පවතින ගැටළු විසඳා ගැනීම සඳහා ආරම්භ කල වැඩවර්ජනය අවසන් කරන්නේ ගැටළුවලට ස්ථිර විසඳුමක් ලැබුණු පසුව බවද වැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.
මේ නිසා බලධාරීන් මුලින්ම සිදුකල යුතු වන්නේ ගැටළුවලට විසඳුම් ලබාදීම බවද එම සංගම් සඳහන් කරයි.
