සේරක්කුලිය කලපුවේ හදිසියේම කලපු ජීවින් මැරි යන්න පටන් අරන්
වනාතවිල්ලුව සේරක්කුලිය කලපුවේ කලපු ජීවින් විශාල ලෙස ( මට්ටි ) මැරි දැල් වල පැටලි ගොඩට එම සිදුවෙමින් තිබෙන බව ධිවරයෝ පවසති.
ධිවරයින් පවසන්නේ සේරක්කුලිය කලපුවේ ධීවර රැකියාවේ නිරත පිරිසගේ දැල් වල පැටලී දෛනිකව මට්ටින් දහස් ගණනක් ගොඩ බිමට එම සිදුවන බවයි.
මේ තත්ත්වය දැනට මාසයක සිට සිදුවෙමින් පවතින බවත් දිනෙන් දින එය වැඩිවිමත් සමග මේ තත්ත්වය කුමන සිද්ධියක් මත සිදුවන්නේ දැයි තමන් නොදන්නා නිසා බියට පත්ව ඇති බවත් ඔවුහු පවසති.
මේ බව පවසා සිටි ධීවරයකු වන ඩබ්ලියු .එන් . වසන්ත මහතා පවසා සිටියේ මෙවැන්නකී .
“ අපි දන්න කාලයේ ඉදලා කරන්නේ ධීවර රස්සාව . එත් කිසිම දවසක කලපුවේ හරි මුහුදේ හරි මුහුදු ජීවින් මැරිලා ඉන්නවා දැකලා නැහැ. නමුත් මේ ටික දවසක ඉදලා කලපු පතුලේ ඉන්න මට්ටි හිතා ගන්න බැරි ප්‍රමාණයක් මැරිලා කටු දැල් වල පැටලිලා ගොඩට එන්න පටන් අරන් . මෙය එච්චර හොඳ දෙයක් නොවන බව අපිට තෙරේනවා .මොකද ලොකු ව්‍යසනයක් ඇතිවෙයිද කියලා බයකුත් අපිට දැනෙනවා . මේ ගැන අපි වගකිව යුතු බලධාරීන්ට කියන්නේ කරන්න පුළුවන් දෙයක් කඩිනමින් කරන්න කියලා යැයි ඔහු පවසයි.
ධීවරයකු වන ඩබ්ලියු .ඇන්ටන් තිසේරා මහතා පවසා සිටයේ මෙවැන්නකී .
“ සේරක්කුලිය කලපුවේ මේ ටික දවසක ඉදලා යම් වෙනසක් වෙනවා අපිට හිතා ගන්න බැහැ මොකක්ද විශාල පරිසර වෙනසක් සිදුව තිබෙනවා .ඇත්තටම අපි කලපු ගිහින් දැල් දාලා පහුවදා දැල් ගොඩගන්න ගිහාම මැරුණ මට්ටි වලින් දැල පිරිලා . මෙය අපිට රස්සාවට හානියක් වෙලා .ඒ නිසා අපේ දැල් ආම්පන්නත් විනාශ වෙනවා කටු වලට කැපිලා .මේ කලපු තිරය දිගට මැරිලා ගොඩට ගෙනාපු මට්ටි කටු කිලෝ සියගණන් ගොඩ ගහලා . දවසකට එක දැලකට අඩුම තරමින් මේ මට්ටි කටු කිලෝ 50ක් විතර පැටලිලා ඉවත් කරන්න වෙලා . මේ නිසා ඉක්මණින් කලපුවට වෙලා තිබෙන හානිය සොයා බලන්න කියලා තමයි අපි ඉල්ලීම් කරන්නේ යැයි ඔහු පැවසීය.
මේ පිළිබඳව නාරා ආයතනයේ අභ්‍යන්තර ජලජීවි වගා අධ්‍යයන අංශයේ ආචාර්ය වසන්තා පහලපත්ත ආරච්චි මහත්මියගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.
“ දැනට මාව දැනවත් කළ තොරතුරු අනුව අපිට හිතා ගන්න අමාරුයි සිදුව තිබෙන තත්ත්වය මොකක්ද කියලා . නමුත් ලොකු සිද්ධියක් බව තේරුම් යනවා . මම කඩිනමින් මේ ගැන සොයා බලන්න අපේ විශේෂ කණ්ඩායමක් සේරක්කුලිය ට එවන්න කටයුතු කරන්නම් . ඇත්තටම මට්ටි මැරි යාම සිදුවන්නේ කලපුවට විශාල ලෙස අලුත් ජලය මුසු වු තත්ත්වයකින්. නමුත් ඒ තරම් වර්ෂාවක් නැතුව මේ තත්ත්වය සිදුවිම අපිටත් හිතා ගන්න අමාරුයි . අපි කඩිනමින් මෙය සොයා බලනවා යැයි ඇය පැවසිය .

popular news
-
Kumar Thursday, 15 August 2019 08:39 PM
ඔය නෝනා ලැහැස්තිවෙලා එනකොට පෙරහැර ගිහිල්ල ඉවරයි. අර විදුලිබලාගාරයේ ගල් අගුරු දැවීමෙන් පිටවෙන රසදිය වැනි අපද්‍රව්‍ය මෙවැනි ජීන්ට අහිතකර බව දන්නා කාරණයක්. එම කලපුවෙන් ලබාගන්න ජිවින්ගේ ශරීරවල රසදිය කොපමණ තිබේද කියල හොයල බලන්නේ නැද්ද.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

