සේනානායක නාම පුවරුව යළි ස්ථාපිත කරයි
කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ප්‍රතිශංස්කරණය කරන අවස්ථාවේදී ඉවත් කරන ලද සේනානායක මහත්වරුන්ගේ පැරණි නාම පුවරුව වහාම ක්‍රියාත්මක වන පරිදි තිබූ ස්ථානයේම නැවත ඉදිකරන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා නියෝග කොට ඇත.
මේ අනුව අද (10දා) සවස් වන විට ඉරණමඩු ජලාශයේ ඉවත් කරන ලද පැරණි නාම පුවරුව තිබූ ස්ථානයේම නැවත සවි කිරීමට කිලිනොච්චිය වාරිමාර්ග නිලධාරීන් කටයුතු කරනු ලැබීය.
එවක අග්‍රාමාත්‍ය වූ ඩී.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කොට ඇති බවට කිලිනොච්චියේ ප්‍රදේශවාසීන් කියා සිටියහ.
ඉරණමඩු ජලාශය නැවත ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා නැවත විවෘත කරන ලද අතර එහිදීද අලුත් නාම පුවරුවක් ස්ථිපිත කරන ලදී.


popular news
-
Wpiimal Tuesday, 11 December 2018 10:37 AM
Only development work is changing the name board , what a bloody country
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
