සේනා ලංකාවේ දුප්පත්ම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයත් ආක්රමණය කරයි
ලංකාවේ දුප්පත්ම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලින් එකක් ලෙස සැලකෙන රිදිමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක බඩඉරිගු හේන් සදහා “සේනා දළඹුවා“ ගේ ආක්රමණයට ලක්වීම හේතුවෙන් ගොවින් රැසක් මහත් පීඩාවට පත්වෙමින් කරකියා ගත නොහැකි තත්වයට පත්ව ඇති බවට ගොවි ජනතාව මැසිවිලි නගති.
එසේම මහියංගණ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයටද මෙම ආක්රමණය බලපෑම හේතුවෙන් ගොවීන් පීඩාවට පත්වෙමින් සිටිති.
එසේ සේනා දළඹුවාගෙන් පීඩාවට පත් ගම්මාන වන්නේ, මහියංගණ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සේරුපිටිය, රිදිමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දෙහිගම, යල්වෙල, කුඩාලුණුක, මොරාන යන ගම්මාන වේ. හානියට පත් ගොවිබිම් ප්රමාණය අක්කර 3000කට අධික බව ගම්වාසීන් පවසති.
රජයේ වගකිව යුතු නිලධාරීන්ගේ නිසි මැදිහත්වීම නොලැබීම හේතුවෙන් ගොවීන් විශාල ලෙස පීඩාවට පත්ව ඇති බවට අසරණ ගොවියන් මැසිවිලි නගති. වගා ණය පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත්, ඔවුන් වගා කළ අක්කර 05-10 හේන් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බවත් ඔවුන් හැඩු කදුලින් පවසති.
මහියංගණ - රංජිත් කරුණාවීර


popular news
-
සෙනෙවි Monday, 31 December 2018 05:31 PM
චීන්නු නං මෙලහකට මේ පනුවො තම්බල වඳවෙන්නම කාල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

