ජනාධිපතිවරයා විසින් සෙල්ලම් ආණ්ඩුවක් සකස් කිරීමේ ඇත්ත වුවමනාව, ඉදිරි මැතිවරණයේදී ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා වීම වෙනුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
රාජපක්ෂ කල්ලියට වුවමනා වී තිබුණේ ඔවුන්ගේ කල්ලියේ හොරුන්ට හා දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමෙන් බේරී සිටීමට බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
දේශපාලන අර්බුදය මේ වන විට ආර්ථික අර්බුදයක් බවට පත්වී ජනතාව පීඩාවට පත්වී තිබෙන බවත්, එහෙත් මෙම ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන බවත් අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
සෙල්ලම් ආණ්ඩුවක් සකස් කර ජනාධිපතිවරයා හොරුන් ඔඩොක්කුවට දමාගෙන සිටින බවද ප්රචාරක ලේකම්වරයා පවසා සිටියේය.
