සෙබලාට පහරදී ගිනිඅවිය පැහැරගත් සැකකරුවන් දෙදෙනා රිමාණ්ඩ්
වව්නියාව බෝගස්වැව යුද හමුදා කඳවුරේ මුරකරමින් සිටි යුද හමුදා සෙබෙලෙකුගේ ගෙල කපා තුවාල සිදුකොට ගිනිඅවිය පැහැරගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (26) වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරී 09 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට වව්නියාව මහෙස්ත්රාත් එම්.රියාල් මහතා නියෝග කොට ඇත.
පසුගිය 25 වනදා අලුයම අදාළ යුද හමුදා සෙබලා මුරපොළෙ රාජකාරී කටයුතු නිමවී නැත. යුද හමුදා කඳවුර වෙතට එමින් සිටියදී මෙම පහරදීම සිදුව තිබූ අතර එහිදී ගෙල කැපීමෙන් බරපතළ තත්ත්වයේ සිටි යුද හමුදා සෙබලා අනුරාධපුර යුද හමුදා රෝහල වෙතට යොමු කරනු ලැබීය.
යුද හමුදා සෙබලාට පහරදී ගිනිඅවිය පැහැර ගැනීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධිඅංශ හා යුද හමුදා පොලීසිය විසින් සිදු කරන ලද පරික්ෂණ වලදී පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පැය 06ක් යන්නට පෙර කැකිරාව ප්රදේශයේදී අත්අඩංගුවට ගත් අතර එහිදී සැකකරුවන් විසින් පැහැරගත් ගිනිඅවියද කැකිරාව ඇලගමුව ප්රදේශයේ පාලු නිවසක සඟවා තිබියදී සොයාගනු ලැබීය.
සැකකරුවන් පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුකොට ඇති අතර එක් සැකකරුවෙකු කලක් යුද හමුදාවේ සිටි අයෙකු බවටද වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

