දිවයින හරහා දැනට පවතින තද සුළං තත්ත්වයේ අඩුවීමික් ඉදිරි දින කිහිපයේදී බලාපොරෝත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් හෙට දිනයේදි බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව හා වයඹ හා උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර හා කලුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් වයඹ පළාතේ හා කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50-75ක පමණ තරමක තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.