අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති තනතුරින් ඉල්ලා අස් වෙන බව සුහද ගම්ලත් මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වලා ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
ඒ අනුව නුදුරේදීම ඔහු තනතුරින් ඉල්ලා අස්වෙනු ඇති බවත් එසේ නොවුණහොත් අවශ්‍ය පියවර ජනාධිපති ලේකම්වරයා විසින් ගනු ඇති බවත් ඇය සඳහන් කළාය.
අද (01දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
“සුහද ගමලත්ගේ දේශපාලන මතය පිළිබදව මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එතුමා අධිකරණ අමාත්‍යාංශය යටතේ තියෙන අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති හැටියට කටයුතු කරන්නේ.ඒ පත්වීම කළේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා.
මේ වන කොටත් එතුමා තනතුරේ සභාපති තනතුර දරනවා.පත්වීම කෙරෙන්නේ අතිගරු ජනාධිපතිතුමා විසින්. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා රජයේ නිලධාරීයෙක් රජයේ ආයතනයක සභාපතිත්වයක් විශේෂයෙන්ම අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති හැටියට තමන්ගේ දේශපාලන මතය මොකක් වුණත්.මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා මේ වගේ ප්‍රකාශයක් කරන්න අයිතියක් නැහැ.
ඒ අනුව මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා.එතුමා ඊයේ වෙන කොට ජනාධිපති ලේකම්තුමා දැනුවත් කරලා තියෙනවා.එතුමා ඉල්ලා අස් වෙන්න කටයුතු කරනවා කියලා.මේ වන කොට අපි අවශ්‍ය කටයුතු කරලා තියෙනවා.අද වෙන කොට හෙට වෙන කොට ඒ කටයුත්ත කෙරෙන්නේ නැති වුණොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ජනාධිපති ලේකම් විසින් ගන්නවා”
