සුවපතිට සෞඛ්‍ය ඇමති ධුරය දීමට රජයේ වෛද්‍ය නිලධාරීන් විරුද්ධයි

රාජිත සේනාරත්න මහතාට නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට හදිසි විධායක සභා රැස්වීමක් කැඳවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
විධායක සභා රැස්වීම කැඳවන දිනය අද (21දා) උදෑසන තීරණය කරන බවත්, විධායක සභා රැස්වීමෙන් පසු මධ්‍යම කාරකසභා රැස්වීමක්ද කැඳවන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතා පසුගිය කාලයේදී සිදුකළ විවිධ ක්‍රියා නිසා ඔහුට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් දාහතරදහසකට අධික ප්රමාණයකගේ අත්සන් සහිත පෙත්සමක් ජනාධිපතිවරයාට භාරදී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේ තිබියදී රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දී තිබෙන බවත්, මේ නිසා සෞඛ්‍ය සේවාව තුළ රටට නොගැළපෙන දෙයක් සිදුවුවහොත් සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කළ පිරිස් විසින් එහි වගකීම භාරගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
popular news
-
hemantha Friday, 21 December 2018 10:44 AM
දැන් මේ රටේ තීන්දු තීරණ ගන්න ඕන මේ සෙට් එකට අවස්සය විදියටද?
Reply : 2 2
Rattharan Friday, 21 December 2018 11:48 AM
එහෙමනම් ඉතින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කෙනෙක්වම ඇමති හැටියට පත් කරගත්තම ඉවරයි නේ . එතකොට තමුසෙලට ඕන විදිහට නාටගන්න පුළුවන් නේ ,,,,
Reply : 2 1
karuna Friday, 21 December 2018 01:18 PM
ඇමති පත්කිරීමේ බලතල ඇත්තේ රජයටද නෙත්නම් වෛද්‍ය සංගමයටද? රජය වෛද්‍ය සංගමයේ පදයට නැටිය යුතු නොවේ.
Reply : 2 1
Nandana Friday, 21 December 2018 01:59 PM
තමුන්නාන්සේලා බෙහෙත් දීපියව් , උන් දේශපාලනය කරගෙන සිටපුදෙන් , අහිංසක ලෙඩ්ඩුන්ට ඕව වැඩක් නැහැ .
Reply : 2 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

