සුමංගල හිමිගේ උපවාසයට දින 3 යි - මංගල නිහඬයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමෙරිකානු පුරවැසියෙක් බවත් ඔහ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත්නම් දින තුනක් ඇතුළත තහවුරු කර පෙන්වන ලෙස ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියේ ආරම්භ කර ඇති උපවාසයට මේ වන විට දින තුනක් ගතවී තිබේ.
කෙසේ වෙතත් එම උපවාසය සම්බන්ධයෙන් මේ දක්වාම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් කිසිම ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව ඇතැම් පුද්ගලයේ ප්‍රශ්න කරති.
මීට පෙර අතුරුලියේ රතන හිමියන් මහනුවරදී පැවැත්වූ සත්‍යග්‍රහයේදීත්, පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්රයේ පැවැත්වූ සත්‍යග්‍රහයේදීත් ඒවා විවේචනය කරමින් මුදල් අමාත්‍යවරයා විවිධ ප්‍රකාශ කළ බව එම පුද්ගලයෝ පෙන්වා දෙති.
උඩුදුම්බර කාශ්‍යප හිමියන් පැවැත්වූ උපවාසය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කළ මංගල සමවීර මහතා ප්‍රකාශ කළේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කුලී උපවාසකරුවන්ට ලෙමන් ෆෆ් ගබඩා කිරීමට අවශ්‍ය නොවන බවයි.
Parliamentary approval is a standard practise and requirement for all MCC grants. Parliamentary ownership is critical for the programmes success and sustainability. No need for GR's rent-a-fast to stock up on lemon puffs.
— Mangala Samaraweera (@MangalaLK) November 5, 2019
Full agreement here: https://t.co/UuT4DXLrgl pic.twitter.com/qKJHajbJ3L
popular news
-
Champa Tuesday, 12 November 2019 06:54 PM
මේ හාමුදුරුවෝ උපවාස කරන්න තිබ්බේ වහල් ආණ්ඩුව රට විකුණන කොට හමුදාව පාවා දෙනකොට. එතකොට නිකම් ඉඳල මේකට උපවාස කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

