සතොස සුදු ලූණු වංචාවට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව තවත් සැකකරුවෙක් ඊයේ (22දා) බම්බලපිටිිය ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.
අවුරුදු 25ක පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සුදු ලූනු තොගය සතොසින් මිලදී ගත් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බවත් අදාළ සුදු ලූනු තොගය වංචා කිරීමට අදාළව කූඨ ලේඛණ සකස් කළ පුද්ගලා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
වංචාවට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරු අද දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය..