සිරිසේන මහත්තයා හරි තීන්දුවක් ගත්තේ නැති නිසා රටම ඉවරයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරි තීන්දුවක් නොගත් නිසා රටම විනාශ වී ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“අර්බුදය නම් කථාකරලා වැඩක් නෑ. සිරිසේන මහත්තයා ඉක්මනටම තීරණයක් ගන්න ඕන. සිරිසේන මහත්තයා මෙහෙම ඉන්න ඉන්න රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. බහුතරය තියෙන පැත්තට දෙන්න ඕන.
මගේ අදහස් මම කියලා තියෙන්නේ. පිළිගන්න එක නොපිළිගන්න එක මම දන්නේ නෑ. මේක පක්ෂයක් නෙමෙයි රටම ඉවරයි.
සිරිසේන මහත්තයා හරි තීන්දුවක් ගත්තේ නැති නිසා රට සම්පූර්ණයෙන් ඉවරයි. ශ්‍රී ලංකා එකත් ඉවරයි, පොහොට්ටුවත් ඉවරයි, එක්සත් ජාතික පක්ෂයත් ඉවරයි. අපි ඔක්කොම ඉවරයි. මේ රටේ මිනිස්සුත් ඉවරයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළන්න ක්‍රම තියෙනවා. මම සාමූහිකව ගන්න තීන්දුවල මම ඉන්නවා.”
popular news
-
mack Tuesday, 27 November 2018 03:51 PM
mama obage adahasata sampoornayenma ekagai. Wiwurthawa kathakirrema gena obata mage prasansa himiwanawa
Reply : 1 31
සෙනෙවි Tuesday, 27 November 2018 04:03 PM
මොහු චන්ද්‍රිකාගේ පිල්ලියක් වගේ
Reply : 51 9
chathuri Tuesday, 27 November 2018 05:29 PM
කලින්. හිටපු. කෙනා ඕක. ඇතුලේ. මන්දිරය. තියෙන තරම් බලි. තොවිල්. කෙරුව. මෙයාට දැන්. ඒ. යක්කු සේරම. වැහිලා. ඇති තවත්. මිනිසුන්ගේ ලේ. බොන්න. තියන්නේ. නැතිව සිරිසෙනව. අත් අඩංගුවට. ගන්න. එක්සත් ජාතික. පක්ෂය බෙදන්න ගියොත්හොඳ. පාඩමක්. උගන්වන්න.
Reply : 1 0
Champa Tuesday, 27 November 2018 05:32 PM
කියන්න දෙයක් නැහැ. ලංකාවම ආදරය කරපු මහින්දයි ඒකාබද්ධ විපක්ෂේයි දණ ගස්සලා යූඑන්පී එකට අලුත් ජීවයක් දුන්නු එකයි කලේ. මෛත්‍රී වැඩිය බර යූඑන්පී එකට. රනිල්ට පන්න පන්න ගහන්නේ රටට ආදරේට නෙමෙයි, සජිත්ට යූඑන්පී නායකයා වෙන්න පාර හදල දෙන්න. ඒ වුනාට සජිත්ට ආකර්ශනයක් නැහැ. නමුත් නවීන්ලා වගේ අය, තව ඉන්නවා, ඉස්සරහට ඇවිල්ල ඉන්න නිසා ගෙදර යන්න හිටපු යූඑන්පී එක ඊළඟ මහා මැතිවරණය දිනනවා. ඒ මොකොද සිරිසේන යටිනුත් උඩිනුත් උදව් කරන නිසා සහ රනිල්ට මෛත්‍රී කරපු දේ නිසා මිනිස්සු අනුකමප කර. මහින්ද කර ගත්තේ හරිම මෝඩ වැඩක්. රනිල්ව අයින් කලේ නීත්‍යානුකූලව නෙමෙයි. මම කතා කරන්නේ රනිල් වෙනුවෙන් නෙමෙයි. ජනතා වරම, මිනිස්සුන්ග කැමති පක්ෂේකට චන්දෙ දෙන්න තියෙන අයිතිය, ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තුව තුල ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. මේවා මෙහෙම් වෙන්න දෙන්න බැහැ. මොකක් හරි කරන්න ඕනේ. රටටම එපා වෙච්ච තනි සිරිසෙන්ද නැත්නම් මිලියන 21ක් ජනතාවද කියන එක මහින්ද තෝරා ගන්න ඕනේ. හිටපු ජනාධිපතිතුමාට අසාධාරණයක් වෙනවට මම කොහෙත්ම කැමති නැහැ. එහෙම නොවී මේක බේර ගන්නේ කොහොමද කියලා අදහසක් දෙන්න පුළුවන්.
Reply : 4 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

