සිරගත කළ රණවිරුවන් වෙනුවෙන් වීදි බසින ආබාධිත රණවිරුවෝ
සිරගතකර ඇති හා එල්ගසට නියම වී ඇති රණවිරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් කතරගම කිරිවෙහෙර දක්වා ආරම්භ කර ඇති පාගමන අද නාඋල නගරයෙන් ආරම්භ විය.
ඊයේ දඹුල්ල නගරය පසුකරමින් නාඋල නගරයට පැමිණි පිරිස නාඋල ප්රධාන බුද්ධ මන්දිරය අභියස ආගමික වතාවත් ද සිදු කළේය.
යුද්ධයේ දී සුවිශේෂි දායකත්වයක් දැක්වු රණවිරුවන් මේ වනවිට චෝදනා එල්ල කරමින් සිරගත කර ඇති බවත් ඔවුන් නිදහස් කරන ලෙසත් ආබාධිත රණවිරුවන් ඉල්ලා සිටියේය.
වත්මන් ජනාධිපති හා අගමැතිවරයාගෙන් මෙන්ම තෛයිනිකායික මහා සංඝ රත්නයෙන් ද මෙම ඉල්ලීම කරන බව ආබාධිත රණවිරුවෝ නාඋල දී කියා සිටියේය.
පාගමන සදහා දෑස් නොපෙනෙන රණවිරුවන් මෙන්ම විවිධ ආබාධ සහිත රණවිරුවන් ද එක්ව සිටියේය.


popular news
-
rocky Thursday, 29 November 2018 07:57 AM
මේ පිරිස ගැන ලොකු ගවුරවයක් මෙතෙක් අප තුල පැවතුන. එහෙත්, මේ අය දැන් කියන්නේ රණවිරුවන්ට අපරාධ සිදු කිරීමටත් අයිතියක් තියන බවද? මොවුන් අපරාධකරුවන් නිදහස කරන ලෙස උද්ඝෝෂණ පවත්වනවා නම් එය බලවත් වරදක්. ජනතා විරෝධී ප්රතිපත්තියක් අනුගමනය කරන පිරිසකට අපේ ගවුරවය තබා අනුකම්පාව වත් ලැබිය යුතු නැහැ! මොන විරුවා වුනත් රටේ පවතින නීතියට යටත් විය යුතුයි!
Reply : 0 1
Champa Thursday, 29 November 2018 09:46 AM
මොකක්ද මිනිහෝ රණවිරුවෝ කරපු අපරාදේ? LTTE එක පරාද කරලා මිනිස්සුන්ට සැනසීමෙන් ජීවත් වෙන්න ඉඩ හදල දීපු එකද? හිරේ හිටපු දරුණු ත්රස්තවාදියෝ නිදහස් කරන කොටත් ඇහැව්වද එවුන්ටත් අපරාධ කරන්න අයිතියක් තියෙනවද කියල? රණවිරුවාට හිරේ යන්නයි ත්රස්තවාදියෝ නිදහස් වෙන්නයි නීති දෙකක් තියෙන්නේ කොයි රටේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
