සියලුම සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්යය කිරිමට උපදෙස්
සංචාරක හෝටල් වල ප්‍රමිතිය ඉහළ නැංවිම අරමුණ කරගෙන ඉදිරි මාස 03 ක කාලය තුළ රටේ පවතින සියලුම සංචාරක හෝටල් ලියාපදිංචි කිරිමට කඩිනම් පියවර ගන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දි තිබේ.
මේ වනවිට දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් 20,000 ක් පමණ රජයේ ලියාපදිංචි වි නොමැති අතර රජයේ ලියාපදිංචි වි ඇති හෝටල් සංඛ්‍යාව 2000 ක් පමණ වේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දි ඇත්තේ මෙතෙක් රජයේ ලියාපදිංචි වි නොමැති හෝටල් වහා ලියාපදිංචි කිරිමට පියවර ගන්නා ලෙසයි.
මෙම ලියාපදිංචිය කිරිමේ දි හෝටල් වල ප්‍රමිතිය පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ද ඇමතිවරයා උපදෙස් දි ඇත.
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම හෝටල් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් හෝටල් හිමියන් දැනුවත් කිරිමට ද ඇමතිවරයා උපදෙස්දි ඇත.
සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් හෝටල් ලියාපදිංචි කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සදහා විශේෂ නිලධාරි කණ්ඩායමක් ද යොදවා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

