සියලු කටයුතු සිදුවුණේ ව්‍යවස්ථාවට අනුවයි - ජනපති UN නියෝජිතට කියයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා මහත්මිය අද (31දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු විය.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිවරයා නියෝජිතවරිය දැනුවත් කළ තිබෙන අතර, රජයේ සියලු කටයුතු සිදු කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද පැහැදිලි කර තිබේ.
එමෙන්ම රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ප්රජාතන්ත්රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සෑම අවස්ථාවකම ලබා දෙන සහය ඇගැයීමට ලක් කළේ ය.

popular news
-
sathyapala Wednesday, 31 October 2018 03:47 PM
සෞදි ජාතික ඇමරිකානු පුරවැසි වොෂින්ටන් පොස්ට් මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතනය සම්බන්ධයෙන් යාන්තම් කෙදිරිලි හඩක් පමණක් නගන බටහිර රටවල් අපේ රටේ පක්ෂ දේශපාලනය වෙනුවෙන් නිදි මරාගෙන උන්ගේ පාර්ලිමේන්තුවේ විවාද. අපේ නායකයෝ ඇදෙන් බැසිය යුත්තේ වම් පැත්තෙන්ද දකුණු පැත්තෙන්ද කියලත් නියෝග දෙන තැනට ඇවිත්. අපිට පුදුම ආදරයක්. ප්රභාකරන් කොටුවෙලා ඉන්න වෙලාවෙත් බටහිර රටවල් හොදටම කලබලවෙලා ඔහුව බේරාගෙන වෙනත් රටකට අරන් යන්නට සැලසුම් කලත් එය බැරි වුනා. දැන් රනිල් රැක ගන්න පුදුම කැක්කුමක් හැදිලා. උන්ගේ කුක්කා බටහිර ගැත්තා වන රනිල් වෙනුවෙන් මරාගෙන මැරෙන්නත් හදනවා. ඒ රනිල් උන්ගේ හොදම ඉත්තා නිසා.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

