සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර දී තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 995.00 කට අලෙවි කළ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1095.00 ක් බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ගත යුතුව ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පිරිවැය සළකා බලා සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා සමාගම් වලට අවසර දෙනු ලබයි.
සිමෙන්ති මිල වැඩි කිරීමට අවසර දී ඇත්තේ නොවැම්බර් 11 දා වන අතර එදින සිමෙන්ති සමාගම් තුනක් මිල වැඩිකර ඇති අතර පසුව අද (22දා) දිනයේදී තවත් සමාගම් දෙකක් මිල වැඩි කර තිබේ.

