සිගිරි බලන්න 27 වනදා උදේ 5 සිට
ලෝක සංචාරක දිනය නිමිතිකොට ගෙන මේ මස 27 වන දින සීගිරිය නැරඹීම සඳහා අලුයම පහට සංචාරකයන්ට විවෘත කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කොට තිබේ .
බොහෝ සංචාරකයන් අලුයම් කාලයේ පිදුරංගලගලට නැග ඉරපායන දසුන නරඹන බවත් ඊට සමගාමීව සීගිරි පව්ව මත හිඳ ඉර පායන දසුන් නැරඹීම සඳහා සංචාරකයන්ට මෙදින අවස්ථාව ලබා දීම මෙහි අරමුණ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරියේ ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
සාමාන්‍ය පරිදි සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබන්නේ උදෑසන හතේ සිට පස්වරු 5.00 දක්වා කාලසිමාව තුළදීය. ලෝක සංචාරක දිනය දා දෙස් විදෙස් සංචාරකයන්ට අලුයම පහේ සිට සීගිරි පව්ව මතට නැඟීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිම සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
ලෝක සංචාරක දිනය සැමරීම සඳහා සීගිරිය අවට සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ද මෙදිනට සංවිධානය කොට තිබේ . ඊට අමතරව දිළිඳු පවුලකට නිවාසයක් ඉදි කොට එය පරිත්‍යාග කිරීම ද සීගිරිය පොලීසිය මධ්‍යම සංස්කෘතික අරමුදල සහ රාජ්‍ය ආයතන කීපයක් එක්ව සිදු කිරිමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

