සිංහලයනගේ ඉවසීම නිවටකමක් ලෙස දකින්න එපා
සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හැකි ඉක්මණින් නිදහස් කරගැනීමට කටයුතු බවත් සිංහලයන්ගේ නිහඩතාවය නිවටකමක් ලෙස නොසැලකිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊයේ (09දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා මේබව පැවසු අතර මෙසේද කීවේය.
“ෂරියා විශ්ව විද්‍යාලය රජයට පවරාගෙන උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලය බවට එය පත්කළ යුතුයි. එතකොට විශ්වාසයක් එනවා. උතුරු නැගෙනහිර තමයි අන්තවාදී මත ප්‍රකාශ කෙරුණේ. ජනතාවගේ විශ්වාසය දිනාගන්න එවැනි දේ කළ යුතුයි.
විශ්වාසය අංක එක විය යුතුයි. සිංහල බෞද්ධයින්ගේ ඉවසීම නිවටකමක් කියා නොසිතිය යුතුයි. විශ්වාසය දිනාගන්න වැඩකළ යුතුයි. තව සුළු කරුණකින් සමස්ත අපේ එකමුතු කම නැතිවෙන්න එපා. ඒනිසා මේ අවස්ථාව සුළු කොට සලකන්න එපා. ජනතාවගේ විශ්වාස නැතිවුණේ ඇයි කියලා හැමෝම හොයලා බලන්න ඔන.
රටේ සිංහල බෞද්ධ ජනතාව බොහොම කනස්සල්ලෙන් ඉන්නේ . මේ නිහඩතාවය සුළු කොට සලකන්න එපා. අපි විශ්වාසයෙන් යුතුව වෙසක් සමරන්න ඔන. සමාන්‍ය තත්වයෙන් රට පවත්වාගෙන යන්න රජයක් කටයුතු කරන්න අවශ්‍යයි. ඒ සඳහා අපි පක්ෂ බේදයකින් තොරව එක නීතියක් ක්‍රියාත්මක කරන රටක් බවට පත්කිරමට අපි සහය දියයුතියි.
ඒ වගේම රාජ සන්තක කළ මුදල්වලින් කොටසක් විනාශයට පත්වුවන්ට ලබාදෙන්න කියලා යෝජනා කරනාවා. පවුල්වලට පල්ලිවලට ඒ මුදල් දෙන්න. ඒ වගේම ගලඩොඩඅත්තේ ඥාණසාර හිමි සිරබත්කෑම තුළ ජනතාව බොහොම කළකිරීමෙන් ඉන්නේ.උන්වසවහන්සේ පුළුවන් ඉක්මණට නිදහස් කළ යුතුයි.”

popular news
-
dayan Friday, 10 May 2019 10:17 AM
සිංහලයා නෙමෙඉ සිංහල දෙසපලකය අමු නිවට තමඊ. මේක තමඊ රටට වෙලා තියෙන කොඩිවිනේ. චන්දෙ බලාගෙන හතරට නැමෙන නිවට දෙසපලකයෝ අපිට ඉන්නේ. හරි තීරණ ගන්න බැහැ. තමන් ගැන පමණි උන් බලන්නේ. අවාසනාවන්ත රටක්.
Reply : 1 1
ranjith Friday, 10 May 2019 05:42 PM
කලාතුරකින් වත් පිටකොන්දක් තියෙන මනුස්සයෙක්ගේ කතාවක් අහන්න ලේබීමත් වාසනාවක් 225 මේවගේ කෙලින් කතා කරන්න පුළුවන් තව කෙදෙනෙක් ඉන්නවද
Reply : 0 0
අදාළ නැනේ Saturday, 11 May 2019 11:01 PM
පුදුමයි ඔබ තුමාට ජාතිය මතක් වෙලා තියෙන්නේ. ඔට්ටු වට තියන්න මොකුත් හම්බ වෙලා නැහැ වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

