සිංහරාජයේ සිටි එකම සුදු ගෝනාත් වෙඩි තබා ඝාතනය කරයි
සිංහරාජ රක්ෂිතය තුළ සැරිසැරූ අධිආරක්ෂිත සත්ත්වයෙකු වන සුදුගෝනෙකු අද (11දා) කිසියම් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
සිංහරාජ රක්ෂිතය ආසන්නයේ පිහිටි තේ වත්තක ආදාළ ගෝනා වැටී සිටිනු දුටු ප්රදේශවාසීන් පිරිසක් මේ පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබේ.
මෙම සුදුගෝනා සිංහරාජ රක්ෂිතයේ ජීවත් වූ එකම සුදුගෝනා බව ප්රදේශවාසීහු සඳහන් කරති.
සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී අඩවි ආරක්ෂක ආර්.කේ.එච්. රනුක්කන්ද, වනජීවී නියාමක තරංග සිරිසේන, ක්ෂේත්ර සහායක නදුන් රසාංග යන මහත්වරු ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
කලවාන - උපේන්ද්ර ප්රියංකර ජාතුංග

popular news
-
Champa Wednesday, 12 September 2018 03:34 PM
අයියෝ දෙයියනේ. මේක නම් සැලසුම් සහගත අපරාධයක්. කිසි හේතුවක් නැතුව මේ දුර්ලභ සතාව මැරුවේ මොකොටද? දේශපාලකයෙක් ඇති පිටිපැස්සේ. සහ ගහන අපරාධ මේවා නම්. මේ යක්ෂ ආණ්ඩුව ඉවර වෙනකොට සිංහරාජේ සත්තු කී දෙනෙක් ඉතුරු වෙලා ඉඳියිද දන්නේ නැහැ. සුදු ගෝනා තේ වත්ත ලඟට ආවේ කොහොමද? කෝ පරීක්ෂණ? සත්තු මරණ එවුන්ගේ නඩු අහන්න මෝඩ ආණ්ඩුව විශේෂ අධිකරණයක් පිහිටුවල එක දිගට නඩු අහන්න පටන් ගන්නේ කවදද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

