සිංහයෙක් මෙන් යුද හමුදාවට අණ දීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට සුබ පැතුම් එක්කරමින් හිටපු යුද හමුදාපති, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ යුද හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේය.
" ඔබයි මමයි හමුදාවේදී ඉගෙන ගත්තා සිංහ හමුදාවකට ඔටුවෙක් අණ දුන්නොත් පරදිනවා. ඔටු හමුදාවකට සිංහයෙක් අණ දුන්නොත් දිනනවා කියලා. මම හමුදාව භාර ගන්න විට කඳවුරු දදා දුවන තත්ත්වයක සිටියේ. අපි ඒවා වෙනස් කළා. සිංහයෙක් වගේ හමදාවට අණ දෙන්න මම ඔබට සුබ පතනවා" යැයි ෆොන්සේකා මහතා පැවැසීය.
