සිංගප්පූරුවේ සිට ගෙන ආ ජීවී මත්ස්‍යයන් තොගයක් අත්අඩංගුවට
නිසි අවසර පත්‍ර නොමැතිව සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන ආ ජීවී මත්ස්‍යයන් තොගයක් කටුනායක ගුවන් තොටුපළේදී අද (13දා) අලුයම රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ව්‍යාපාරික සහායකයෙකි.
සැකකරු අද (13දා) අලුයම සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර, ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු දෙකක රුපියල් 320,000 ක් වටිනා ඇරවානා වර්ගයේ මත්ස්‍යයන් 10 ක් සහ කොයි කාෆ් වර්ගයේ මත්ස්‍යයින් 14 දෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙනවිත් තිබේ
පසුව මෙම මත්ස්‍යයින් තොගය කටුනායක ගුවන් තොටුපළ සත්ත්ව නීරෝධායන ආයතනයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කළ අතර , එහිදී 1992 අංක 59 දරන සත්ත්ව සෞඛ්‍ය ආරක්ෂණ පනත යටතේ මෙම මත්ස්‍යයන් තොගය සිංගප්පූරුව වෙත ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගෙන තිබේ.
කටුනායක - ටී.කේ.ජී. කපිල



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

