සිංගප්පූරු සමාගමට ඉඩම් බදුදීමක් වෙන්නේ - විමල්
සිංගප්පූරු සමාගමකට නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් ඉඩම් බදුදීම පමණක් සිදුවන බවත් එම ඉඩම විකිණීමක් සිදුනොවන බවත් අමත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
මහනුවර පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
ප්රශ්නය- ජාතික සම්පත් විකුණන බවට පැවති ආණ්ඩුවට චෝදනා එල්ල කළ ඔබතුමන්ලා බලයට ඇවිත් ඒ දෙයම සිදුකරන බවට චෝදනාවක් එල්ලවෙනවා.
පිළිතුර - ඒ කතාව සම්පුර්ණයෙන් අසත්‍යයක්. අපි කිසිසේත්ම එවැනි තත්වයකට ඇද වැටෙන්නේ නැහැ. විපක්ෂය ඔවැනි චෝදනාවක් කරන්නේ සිංගප්පූරු සමාගමකට ඉඩමක් බදු දීම සම්බන්ධයෙන්. මෙහිදී ඉඩම විකිණීම සිදුවන්නේ නැහැ.
එම සමාගම එම ඉඩමේ තනන මහල් නිවාස සංකීර්ණයේ නිවාස මිලදී ගන්නේ මෙරට ජනතාවයි. එවැනි තත්වයකදී විදේශිකයන්ට ඉඩම් විකිණීමක් සිදුවන්නේ නැහැ. මෙතැන ඉඩමක් බදු දීමක් මිස හම්බන්තොට වරාය විකුණා දැමීම වැනි දෙයක් සිදුවන්නේ නැහැ.
ඉදිරියේදී ලක්සල ප්‍රතිසංවිධානය කරන බවත් දිවයින පුරා පවතින ලක්සල ප්රදර්ශනාගාර 12ම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ස්ථාන බවට පත්කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
"ඉදිරියේදී ලක්සල එය පිහිටවූ අරමුණු සාධනය කිරීමට හැකිවන සේ ප්රතිසංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී දිවයින පුරා පිහිටි ලක්සල ප්රදර්ශනාගාර 12 ම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු, විදේශිය සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ස්ථාන බවට පත්කළ යුතුව තිබෙනවා. එහි එක් පියවරක් ලෙස තමයි මහනුවර ලක්සල ප්‍රදර්ශනාගාරය නවීකරණය කර විවෘත කරනු ලැබුවේ" යැයි ඔහු සඳහන් කළේය.

-
Champa Thursday, 02 January 2020 10:55 PM
ඔක්කොම දැන් යූ ටර්න්. වහල් ආණ්ඩුව කරන්න හදපු දේම දැන් කරනවා. බලය නැති කොට වැරදියට පෙනුන දේ බලය ලැබුණු ගමන් හරි වෙලා පේනවා. අවුරුදු කීයටද බද්ද? 99 X 2 ද? මේ ආණ්ඩුව නීතියක් දාල තියෙනවද ශ්‍රී ලාංකිකයන්ට විතරයි මේ නිවාස සංකීර්ණයේ ගෙවල් ගන්න පුළුවන් කියල? තනිකරම කොලේ වහල ගැහිල්ලක් මේක. වහල් ආණ්ඩුව තියෙන කොටත් කොළොඹ ඉඩම් විදේශිකයන්ට විකිනීමට මම විරුද්ධයි. අදත් විරුද්ධයි. හෙටත් විරුද්ධයි. ඔය විදිහටම MCC එකත් අත්සන් කරන බව දැන් පැහැදිලියි. වහල් ආණ්ඩුවටත් වඩා අන්ත විදිහට රට පාවා දෙනවා විදේශිකයන්ට.
Reply : 0 1
Don Friday, 03 January 2020 09:00 AM
කබරගොයා දැන් දැන් තලගොයා වෙලා තව ටික දවසකින් කුකුළා වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

