සැප්. 13 සිට 15 දක්වා දිවයිනේ වනඅලි පිළිබද සංගණනයක්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැප්තැම්බර් මස 13 සිට 15 දක්වා දීපව්‍යාප්තව වනඅලි සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසා සිටි .
මේ හේතුවෙන් ඉදිරි 13 සිට 15 දින දක්වා දිවයිනේ සියලු සංචාරක උද්‍යාන තුළ ඇති සංචාරක නිවාස හා නැරඹිමද නවතාලීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ .
වනඅලින් වෙසෙන ලංකාවේ සියලු වනජීවී කාර්යාල නිලධාරීන් හා ප්‍රජා දායකත්වය මත විවිධ ක්‍රමවේදයන් භාවිතා කරමින් විශේෂයෙන්ම වනඅලින් ගැවසෙන ජල මුලාශ්‍ර පදනම් කරගනිමින් මෙම වනඅලි සංගණනය කිරිමට සැලසුම් කර තිබේ .
මේ තුළින් වනඅලි පිළිබඳව විද්‍යාත්මකව විශ්ලේෂණය කිරිමට සිදු කෙරෙන අතර එහිදී වනඅලින්ගේ පැතිරීම , ඝණත්වය , වයස් සීමාවන් එහිදී වැඩි මහලු , තරුණ , ළමා , ළදරු ලෙස කොටස් වශයෙන් හා ගැහැණු පිරිමි සම්බන්ධයෙන්ද මෙහිදී විශ්ලේෂණය කරනු ලැබේ .
සතුන්ගේ ඉදිරි පැවැත්ම කෙරෙහි සතුන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් අවධාරණය කිරිම මෙන්ම ඔවුන්ගේ වාසභූමි සම්බන්ධයෙන් අවධාරණය කිරිම මෙහි මුලික අරමුණකි .
මිට පෙර 2011 වර්ෂයේද දිවයිනේ වනඅලින් සම්බන්ධයෙන් සංගණනයක් පවත්වන ලදි.
popular news
-
kapila Thursday, 29 August 2019 10:50 PM
ගිය වතාවේ සංගණනය කරලා අලි රොහාන් ලට මග පෙන්වූව අලි පැටවුන් අල්ලලා ලෙවි කරන්න. ඇතින්නියෝ මරල අලි පැටවුන් ගත්ත කියලත් මාද්‍ය වල තිබුන. මේක එහෙම නොවේවා. සොයාගැනීම් මාද්‍ය වලට නිකුත් කරන්න එපා. (විශ්ෂයෙන් ඇතුන් ඉන්න තැන)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

