සැඬපහරින් නොතෙමෙන්න ඉනිමන් බඳින්න නාලක සිල්වා දන්නවා
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් තමන්ට බොහෝ සාක්ෂි ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නීතියෙන් බේරී යෑමට බොහෝ දේ දන්නා බවත් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව එයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මේ කඩහඬ පරීක්ෂාව විශේෂම අවස්ථාවක් වෙයි. මේ සීඩී පටයක් අරගෙන යන්නේ. මේකේ තියෙන්නේ නාලක සිල්වා මහතා හා මම අතර ඇතිවුණ දුරකතන සංවාද. ඒ වගේම බොහෝ සාක්ෂි තියෙනවා. අපි බලමු ඒවා ඉදිරියේදී.
නූතන දඟකාරිය නීතියේ දෙවඟන. නීතියේ දෙවඟනගෙන් පැන යන්න නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඕනෑ තරම් දේ දන්නවා. ඉදිරියේදී හමුවෙන්නේ මහා සැඬපරහක් නම් ඒ සැඬපහරින් නොතෙමී යන්න අවශ්‍ය ඉනිමන් තනන්නත් නාලක සිල්වා මහතා දන්නවා.”
popular news
-
Champa Wednesday, 26 September 2018 04:25 PM
පඟර නැට්ට ආයේ කතාව වෙනස් කරනවා. පඟර නැට්ටෙක් නෙමෙයි මුලදීම කිව්වා වගේ ලෝකේ කාල වතුර බීපු අන්කූරෙක්. මිනිහගේ කතාව ගැන දැන් මිනිහටම විශ්වාසය නැතිවීගෙන යනව වගේ. ඒක නෙමෙයි කතාව. මේ මිනිහ පස්සේ වෙන කවුරු හරි ඉන්නවා. නාලක සිල්වාව ඔතනින් අයින් කරන්න කාට හරි විශේෂ ඕනේ කමක් තිබිල තියෙනවා. උවමනාව හරියට මම දන්නේ නැහැ. ඝාතන කතාව මෛත්‍රීට සහ ගෝඨාභයට විතරක් විශේෂ කරලා කිව්වේ ඇත්ත target එක හංගන්න සහ විශේෂිත තත්වයක් අරන් දෙන්න වෙන්න පුළුවන්. මොකොද ඕනේ කෙනෙක් දන්නවා ලංකාවේ වැඩිම ජීවිත තර්ජනය තියෙන්නේ මහින්දට මිසක් අර දෙන්නට නෙමෙයි කියලා. මොකක් වුනත් මේ මිනිහගේ කතාව යට නොපෙනෙන වෙන දෙයක් තියෙනව. එක ගලෙන් කුරුල්ලෝ කීපයක් බාගන්න හදනවා වගේ. ඉන්දියන් කාරය ආවේ පත්තරේ කතාව දැකල නාමල් කුමාර හම්බ වෙන්නලු. මේවගේ කතා ඉතින් කොන්ඩේ බැඳපු චීන්නු වත් විශ්වාස කරන්නේ නැහැ. ඒකෙන් එලියට ආපු එකම වැදගත් දේ මහින්දගේ ජීවිතේ අනතුරේ කියන එක. ඒ කතාව එලියට ගත්තේ නාමල් කුමාර පිටිපස්සේ ඇත්තටම ඉන්න මිනිහව වහලා දාන්න වෙන්නත් පුළුවන්. එහෙම හයියක් නැතුව මෙයා මේ වගේ කතා කරන්නේ නැහැ.
Reply : 0 0
Champa Wednesday, 26 September 2018 07:58 PM
නාමල් කුමාර air force එකෙන් අයින් වෙච්ච මිනිහෙක් කියලා economy next එක කියලා තිබුන මං දැන් දැක්ක. මිනිහ ලෝකේ කාල වතුර බීපු අංකූරෙක් කියලා මුලදීම කිව්වා. කලින් කියපු දෙයක් ආපහුත් කියනවා. භයානක මිනිහ නාලක සිල්වා නෙමෙයි මේ අංකූර. හොයන්න ඕනේ මෙයා ගැන. මිනිහ හොඳට plan කරලා නාලක සිල්වාව frame කළා. මිනිහගේ video එක බලපුවහම පේනවා හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක් කියලා. මගේ මුල්ම comment එකක මම කිව්වා දූෂණ විරෝධී සංවිධානයේ "අධ්‍යක්ෂක (මෙහෙයුම්)" කිව්වහම ඒකේ නිකම් හමුදාවට සම්බන්ද කමක් තියෙනව කියලා. ඒ මොකොද සිවිල් පුරවැසියෙක් ඔහොම තනතුරක් දාන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපිට නිකම් බලපුවහම මේවා තේරෙනවා නම් පොලිසියට මේවා තේරෙන්නේ තිබ්බේ හුඟක් කලින්. පොලිසියට ඔත්තු දෙන්න එනවා නම්, ඉස්සෙල්ල කරන්න ඕනේ ඔත්තු දෙන්න එන මිනිහගේ පැටිකිරිය හොයන එක. නාමල් කුමාර ගැන එහෙම කරලා නැහැ කියන එක හොඳට පේනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

