සාමණේර භික්ෂූන් වහන්සේට පහරදීම ගැන අස්ගිරි විහාරයෙන් පොලිස්පතිට ලිපියක්
හොරව්පතාන ප්‍රදේශයේදී සාමණේර භික්ෂූන් වහන්සේ දෙනමකට ගිහි පුද්ගලයෙකු අමානුෂික ලෙස දඬුවම් කිරීමේ සිද්ධිය මෙරට භික්ෂූන් වහන්සේගේ හා බෞද්ධ ජනතාවගේ සිත් සසළ කරවන සුළු එකක් බවත් එවන් සිදුවීම් නැවත සිදු නොවීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
සිද්ධිය අනාවරණයවූ විගස පොලීසිය ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව දැන ගන්නට ලැබුණු බවත් එකී සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදුකරන ලෙසත් අදාළ ලිපිය මගින් මහනාහිමියන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.


popular news
-
Deepal Nirosh Sunday, 15 September 2019 07:46 AM
දුස්සීල ගිහියා ඒ සාමණේර හිමිවරු දෙපළට පහරදීමේ සිද්ධිය සමස්ත බොදු ජනතාව අති පිළිකුලෙන් හෙළා දකිමු. දුස්සීල ගිහියාට නීතියෙන් දඬුවම් කිරීම අනිවාර්යයෙන් කළ යුතුයි. ඒත් අති පූජ්‍ය ස්වාමින් වහන්ස භික්ෂුන්ට ඉදිරියේ මෙවැනි ගිහි අතවර වලට මුහුණ දීම වැළැක්වීමට තවත් ගිහි පරපුරක් වන පොලීසියේ පිහිට අයැද සිටීමට සිදුවීම නම් ශාසනිකව ඉතා කණගාටුදායකයි. සිදුවිය යුත්තේ සමස්ත භික්ෂු සමාජය ධර්මයේ හා ශීලයේ සැබෑ පිහිටීම තුළින් තම ධාර්මික ආරක්ෂාව තමුන්ම සලසා ගැනීමයි. සිල්වත් ගිහි සමාජයට ද ආරක්ෂාව සැලසිය යුත්තේ එවැනි ශක්තිමත් බෞද්ධ ශාසනයක් ස්ථාපිත වුවහොත් පමණයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

