අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය‘පෙළ විභාගය දෙසැම්බර් 02 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය තුළදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සඳහා අයදුම්කරුවන් හත්ලක්ෂ දාහත්දසහස්අට දෙනෙකු පෙනීසිටීමට නියමිත බවත්, විභාගය මධ්‍යස්ථාන හාරදහස් නවසිය අසූහතකදී පැවැත්වෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
විභාගයට පෙනීසිටීම සඳහා ප්‍ර‘වේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය හෝ ඉදිරිපත් කළ යුතු බවත්, එසේ නොමැති නම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් විසින් අයදුම්කරුගේ ඡායාරූපය හා පෞද්ගලික දත්ත ඇතුළත් කර නිකුත් කරන ලිපියද පිළිගන්නා බවත් ඒ මහතා පවසා සිටියේය.