සාගර විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එන්.පී. රත්නායක මහතා පත් කෙරේ.
ඒ මහතා අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
මහාචාර්ය එන්.පී. රත්නායක මහතා මීට පෙර මොරටුව විශ්වවිද්‍යාලයේ භූ සම්පත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අංශාධිපතිව කටයුතු කළේය.
