ඉදිරි පැය 36ක කාලය තුළදී සබරගමුව පළාතෙත් කළුතර, නුවරඑළිය, ගාල්ල, හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර වෙරළබඩ ප්‍ර දේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ හැරෙන්නට දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.