සහල් හා එළවළු ඉදිරි මාස 4ක කාලයක් සඳහා ශ්‍රී ලංකාව සතුව පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකචඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම එළැඹෙන 09 දා සෞභාග්‍යා නමින් විශේෂ කෘෂිකාර්මික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ හරහා ගෙවතු වගා, කණ්ඩායම් වගා ඇතුළුව භෝග කිහිපයක් වගා කිරිමට සලසුම් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.