සහල් මිල පාලනයට අලුත් වැඩපිළිවෙලක්
සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා රටේ ජනතාවට දිනකට අවශ්‍ය නාඩු සහල්, සුදු කැකුළු, රතු කැකුළු හා අනෙකුත් සහල් ප්‍රමාණය පිළිබඳ ගණනය කිරීමට කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධනය, මහවැලි, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිත, පාරිභෝගික සුභ සාධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
සහල් ප්‍රමාණය පිළිබඳ ගණනය කර අවශ්‍යතාව සැපිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට හා මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කිරීමටත් විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.
ප්‍රධාන වී මෝල් දෙකතුනක් විසින් සහල් ඒකාධිකාරියක් පවත්වාගෙන යාම නිසා පසුගිය දිනවල සහල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන සහල් ඒකාධිකාරිය ඉවත් කිරීමට මෙම වැඩපිළිවෙළ සකස් කර තිබේ.
මේ අනුව සහල් මිල මේ වසරේදී සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා වාරිමාර්ග, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථිකය, අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා පාරිභෝගික සුභසාදන ආයතන ඒකාබද්ධ කර නව වැඩපිළිවෙළ සකස් කිරීමට සැලසුම් කර ඇත.
-
Don Monday, 06 January 2020 09:03 AM
ලංකාවේ අපටනම් නාඩු ම තමයි.
Reply : 0 0
rana Monday, 06 January 2020 11:20 AM
ඇමති තුමෝ , මක්කෛ ඔහේ දොඩන්නේ අපි අයෙත් හාල් පොත දෙමු .
Reply : 0 0
samson de silva Monday, 06 January 2020 12:48 PM
ඔය තරම් ගණන් හදමින් ඉන්න අනවශ්‍යයි රටට වුවමනා හාල් ප්‍රමාණය ගැන දැනගන්න. චන්දයට පෙර කාපු හාල් ප්‍රමාණය දන්නවානම්, දැන් අවශ්‍ය ඒකෙන් සියයට 48යි. සියට 52ක් දැන් කන්නේ තණකොළ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

