සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළෙඳ පොළ මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි අංක 01/2020 දරන 2020 අගෝස්තු 28 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර තිබේ.
එහි සඳහන විධිවිධාන අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 (සංශෝධිත) සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (සංශෝධිත) යටතේ නිකුත් කර මෙතෙක් භාවිත කර නොමැති සහනදායී මෝටර් රථ බලපත්‍ර, බලයලත් වාහන අලෙවි නියෝජිතයෙකු / ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවෙකු වෙත ලබාදී එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩුකළ වෙළෙඳ පොළ මිලකට මෙරට තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථයක් මිලදී ගැනීමට හැකියාව පවතී.
ඉහත පරිදි සහනදායී මෝටර් රථ බලපත්‍ර තම භාරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩුකළ වෙළෙඳ පොළ මිලකට මෝටර් රථ අලෙවි කරනු ලබන බලය ලත් වාහන අලෙවි නියෝජිතයන් / ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවන් විසින් ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරීමේදී අදාල බලපත්‍රයේ සඳහන් බදු සහනය ලබාදීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ඇත.