සංවර්ධනයේ ලොකුම බාධාව උග්‍ර වාහන තදබදය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"එදා සිට ශ්‍රී ලංකාවේ පාලකයින් විශේෂයෙන්ම අධිවේගී මාර්ගවලට, ගුවන් පාලම්වලට අතිවිශාල උනන්දුවක් දැක්වූවා. ඔවුන් ඒ සඳහා අතිවිශාල මුදලක් යටකළා. ඇතැම් අවස්ථාවල මේ ව්‍යාපෘතිවලට ඒ මුදල් ආයෝජනය කළේ වැය කරන මුදලට උපරිම ඵලදායීත්වයක් ලැබෙන විදිහට ස්ථානයන් තෝරාගෙන. විද්‍යාත්මකව ඒ ගැන කටයුතු කරනවාට වඩා උපරිම ජනප්‍රියත්වයක් ලබාගැනීම. ගමට යමක් කිරීම නැත්නම් පළාතට යමක් කිරීම වගේ ජනකාන්තවාදී අරමුණු පෙරදැරි කරගෙනයි. නමුත් මේවායින් අපේ රටේ මාර්ග තදබදය පිළිබඳ ප්රශ්නය විසඳීමට සමත් වෙලා නැහැ කියන එක පාර තොටේ යන අපි කවුරුත් දන්න දෙයක්.
ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම නගරබද අපේ ජනතාව පහසුවෙන් ගමන් යන්න කියලා අතේ තියෙන මුදලත් එකතු කරලා දාලා, ලීසිං කරලා වාහනයක් ගත්තාට අද පාරේ යන්න ගියහම වාහනය පදවාගෙන යන කෙනාට කොයි තරම් පීඩනයකින් ද, හිසරදයකින් ද ඒ ගමන යන්න වෙලා තියෙන්නේ කියලා. මාර්ග තදබදය වගේම අවිනීත විදිහට එහෙන් මෙහෙන් දාගෙන කොහොම හරි තමන්ගේ ගමන යන්න උත්සාහා කරන ඇතැම් අය නිසා තත්ත්වය තවත් උග්‍ර වෙනවා.
ඒ නිසා තමයි අපි අද මහාමාර්ග ක්ෂේත්රයේ අලුත් උපක්‍රමයකට යා යුතුයි කියන දේ යෝජනා කරලා තියෙන්නේ අපේ බස්නාහිර මහානගර සැලැස්ම හරහා. ඒකෙදි අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා, ඒ කියන්නේ දුම්රිය හා බස් රථ සේවය ශක්තිමත් කිරීමට පැහැදිලිව හේතු දක්වලා තිබෙනවා.
රජයෙන් අධිවේගී මාර්ගවලට වියදම් කරන මුදලින් 1% මේ පොදු ප්‍රවාහනය වර්ධනය කිරීමට අපි යොදාගත්තොත් අපේ මහාමාර්ග තදබදය පිළිබඳ අර්බුදය විසඳා ගැනීමට හැකියාව ලැබෙනවා. පොදු ප්‍රවාහනයේ ශක්තිය දියුණු රටවල් විශාල සංඛ්‍යාවක ඔප්පු කරලා තියෙන කාරණයක්. අපි දකිනවා විදෙස් රටවල විවිධ ඉහළ තනතුරු දරන, ධනවත් පුද්ගලයින් පවා කෝච්චියේ සහ බස් රථයෙන් ගමන් ගන්නා හැටි ඡායාරූප පලවෙනවා. අන්න ඒකයි පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමේ අරුමය. මොකද පොදු ප්‍රවාහනය ශක්තිමත් වෙනකොට ජනතාවට පුද්ගලික ප්‍රවාහන ක්‍රමවේදවලට වඩා පහසුවෙන්, වෙලාවට තමන්ගේ ගමනාන්තයන්ට ඒවා මගින් ළඟා වෙන්න පුළුවන් කියන කාරණය යථාර්ථයක් වෙනකොට සියලු සමාජ කොටස් ඉබේම ඒ වෙත යොමු වෙනවා.
ඒ සඳහා යන වැඩපිළිවෙලේ අපි ‘'බස් ප්‍රමුඛතා මංතීරු” සංකල්පය ලංකාවට හඳුන්වා දුන්නා. මේ මංතීරු ක්‍රමය නිසා මහ පාරේ රියදුරන් තුළ විනයක් සහ හික්මීමක් ඇති වුණා. පොදු ප්‍රවාහනය භාවිත කරන සාමාන්‍ය ජනතාවට වගේම අනෙකුත් වැඩකරන ජනතාවට ඒකෙන් පහසුවක් ලැබුණා විතරක් නොවෙයි පෞද්ගලික වාහන භාවිත කරන අයටත්, මාර්ග විනය විධිමත් වීම නිසා තමන්ගේ රථ වාහන පහසුවෙන් ධාවනය කිරීමට පුළුවන් වුණා. ඒ හරහා අපිට තුවක්කු නොපෙන්නා මාර්ග විනය හදන්න පුළුවන් වුණා. ඒක ජනතාව දැනුවත් කිරිමෙන් පමණක් හදපු විනයක් කියන එක ඉතාම වැදගත් කරුණක්. ඇතැම් අවස්ථාවල ඔය අධිවේගී මාර්ග, ගුවන් මාර්ග තනන්න කිලෝමීටරයට රුපියල් බිලියන හතර, පහ වියදම් කරද්දි අපි ඉතා සුළු විදයමක් දරලා ඒ කටයුත්ත කළ බව" අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි