දකුණු කොරියාවේ අගනුවර වන සෝල් හි අද දිනයේ සිට ප්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ භාවිත කිරීම අනිවාර්ය කර තිබේ.
කොවිඩ්-19 සිද්ධීන් යළිත් මතුවීමෙන් පසු සමාජ දුරස්ථභාවය පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළු තවත් සීමාවන් එරට සලකා බලමින් සිටින බවද වාර්තා වෙයි.
සෝල් නුවර වැඩබලන නගරාධිපති සේඕ ජියොන්ග්-හියුප් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ඉරිදා රට තුළ නව කොරෝනා වෛරස ආසාදිතයන් 397ක් වාර්තා විමෙන් පසුවය. එය මාර්තු මස මුල සිට වාර්තා වූ ඉහළම අගයයි.
වාර්තාවලට අනුව පසුගිය දින 10 තුළ රෝගීන් 2,600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. දකුණු කොරියාවේ මේ වනවිට ආසාදිතයන් 17,400ක් සහ මරණ 309ක් වාර්තා වී තිබේ.