දකුණු කොරියාවේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 280ක් වාර්තා වී ඇති අතර, දේශීයව වෛරසය සම්ප්‍රේෂණය වූවන් 264ක් ඒ අතර සිටින බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
මෙම සිද්ධීන් බොහොමයක් සාරන්ග් ජිල් පල්ලියට සම්බන්ධ පොකුරෙන් සහ, තවත් පරිසක් දැවැන්ත රැලියකට සහභාගී වූ පොකුරකින්ද වාර්තා වුවත්, මේ වනවිට මෙම දන්නා පොකුරුවලට අමතරව, නොදන්නා පොකුරුවලින්ද ආසාදිතයන් හමුවීම වැඩිවන බව සෝල් නගරයේ බලධාරීන් පවසයි.
ඒ අනුව පසුගිය සති දෙක තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 18.5%ක් පමණ නොදන්නා පොකුරු ආශ්රිත ආසාදිතයන්ය. පසුගිය සති දෙක තුළ එය පැවතියේ 8.5%කට සාපේක්ෂ සීමාවකය.
භෞතික දුරස්ථ කිරීමේ පියවරයන් දැනටමත් සෝල් නුවර දැඩි කර ඇති අතර, බදාදා සිට අගනගරයේ පාසල්වල සියලුම ඉගැන්වීම් නැවත මාර්ගගත සිදුවනු ඇති බව පැවසෙයි.