ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 15, මණ්ඩප 3 හා ආයතන 15ක හෙට දිනයේදී එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
වැටුප් විෂමතා ඉවත් කිරීම, එම්.සී.ඒ. දීමනාව වැඩිකිරීමට, විශ්වවිද්‍යාලවලට සේවකයන් බඳවා ගැනීමේදී විවෘත තරග විභාගයකින් එය සිදුකිරීම, ණය සීමා යාවත්කාලීන කිරිම ඇතුළු ඉල්ලීම් 11ක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරයි.
මෙම ගැටලු විසඳා ගැනිම සඳහා සාකච්ඡාවාර කිහිපයක්ම පැවැත්වුවත් ඒ පිළිබඳව බලධාරීන්ගෙන් නිසි පිළිතුරු නොලැබුණ බවත් එම කමිටුව සඳහන් කරයි.
අනධ්‍යන සේවකයන් වැඩ වර්ජනය කිරිම හරහා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම ඉගැන්වීමේ ක්‍රියාවළියට බාධාවක් ඇති වන හෙයින් තම විසඳුම් සඳහා කඩිනමින් සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන ලෙස බලකරමින් මෙම එක්දන සංඛේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් එම කමිටුව වැඩිදුරටත් පවසයි.
