සිරියාවේ කොවිඩ්-19 රෝගීන්ගෙන් පිරී ඉතිරී යන අවුල්සහගත රෝහල් තුළ ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී වෙන්ටිලේටර් පහසුකම් අවශ්‍ය ශ්වසන අපහසුවෙන් පෙළෙන කොවිඩ් රෝගියෙකුට එය ලබාදීම සඳහා වෙන්ටිලේටරයකට සවිකර සිටින තවත් රෝගියෙකු මියයන තෙක් බලා සිටීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සිදුව ඇති බව සඳහන් වෙයි.
සිරියානු රජය විසින් පාලනය කරනු ලබන ප්‍රදේශවල තත්ත්වය මෙයයි. ඉන් ඔබ්බට තත්ත්වය මීට වඩා භයානක විය හැකි බව සඳහන් වෙයි. වෛද්‍යවරු පවසන්නේ කොරෝන වසංගතය හමුවේ සිරියාව සෞඛ්‍ය සේවකයින් හා පහසුකම් සමග අර්බුදකාරී මට්ටම් කරා ළඟා වී ඇති බවයි.
සිරියානු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මාර්තු මාසයේ සිට මෙරට කොවිඩ්-19 මරණ 112ක් පමණක් තහවුරු කර ඇති අතර, රජයේ පාලනය පවතින ප්‍රදේශවල ආසාදිත සිදුවීම් 2,765ක් වාර්තා කර තිබේ. නමුත් මෙහි සැබෑ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.