ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වූ ජෝ බිඩෙන් සිය සුරතල් සුනඛයා සමග සෙල්ලමට ගොස් ලිස්සා ඇද වැටීමෙන් ඔහුගේ පාදයක් සුළු අස්ථි බිඳීමකට ලක්ව ඇති බව ඔහුගේ වෛද්‍යවරයා පවසයි.
මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයාට සති කිහිපයක් ඇවිදීමට ආධාරකයක් අවශ්‍ය වනු ඇති බවද වෛද්‍යවරයා පවසා තිබේ.
සුනඛයා සමග සෙල්ලම් කරමින් සිටියදි ඔහු ලිස්සා වැටීමත් සමග වළලුකර ඇඹරීමකට ලක්ව මෙම අස්ථි බිඳීම සිදුව ඇත.
මේ අතර තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩන් රෝහලේ සිට කොරගසමින් පැමිණ මෝටර් රථයට ගොඩවන වීඩියෝවක් තම ට්විටර් ගිණුමේ පළ කර ඇති වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුට ඉක්මණින් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
පසුගිය නොවැම්බර් 20දා සිය 78 වැනි උපන්දිනය සැමරූ ජෝ බයිඩන් එක්සත් ජනපද ඉතිහාසයේ ජනාධිපති ධුරයකට පත්වන වයස්ගතම ජනාධිපතිවරයා වීමට නියමිතය.
කෙසේ වෙතත් ඇමෙරිකානු මැතිවරණයේ තවමත් අවසන් ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී නොතිබුණද, මේ වනවිටත් ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය දෙවැනි වටයේ ඡන්ද ගණන් කිරීම්වලින් පවා සනාථ වී තිබේ. නමුත් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් පවසන්නේ මැතිවරණ වංචාවක් සිදුව ඇති බවය.