සයිටම් සිසුන් බඳවා ගැනීම මසකින් අවසන්
සයිටම් ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමේදී ඇතිවී තිබෙන ප්‍රමාදය හේතුවෙන් ඉදිරි මාසය තුළ බඳවා ගැනීම් කටයුතු අවසන් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම සංගමයට පැවසූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් ගැටලුව දිගින් දිගටම ඉදිරියට ඇදී යන බැවින් ඒ පිළිබඳව තම සංගමය ඊයේ (03දා) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ අනුව සයිටම් ආයතනයේ ලියාපදිංචි වී සිටින සුදුසුකම් සහිත සියලුම දෙනා මාසයක් තුළ බඳවාගැනීම අවසන් කරන ලෙසට කොතලාවල වෛද්‍ය පීඨ බලධාරීන්ට ඒ මොහොතේදීම උපදෙස් ලබාදුන් බවද හෙතෙම පවසා සිටියේය.
සයිටම් ආයතනය අහෝසි කළ බවට මීට පෙර ප්‍රකාශ සිදුකළත් සයිටම් ගැටලුව දිගින් දිගටම ඉදිරියට යන බැවින් ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ බවත්, එහිදී සයිටම් ප්රශ්නය අවසන් කිරීම පිළිබඳව තවත් තීන්දු තීරණ ගත් බවත් හෙතෙම වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

popular news
-
Ananda Friday, 05 October 2018 06:11 AM
GMOA එකේ රජයේ සේවකයන් වන වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සියළුම දෙනා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුවට යටත්! මාලඹේ වෛද්‍ය විශ්ව විද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීමට කිසිම බාධාවක් නැහැ!! එය නැවැත්වීමට කිසිවෙකුට බැහැ!!! මේ සඳහා හරහට සිටි SLMC ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සලයේ සංයුතිය,අලුත් පනත යටතේ , 50% වෛද්‍ය වෘත්තිකයන් හා 50 ක් වෛද්‍ය නොවන වෘත්තිකයන් ලෙසින් බ්‍රිතාන්‍යයේ මෙන් ගැසට් කළාම තව දුරටත් විරෝධය පෑමෙන් කිසිම පලක් වන්නේ නැහැ!!!! නුදුරේම සියළු පහසුකම් වලින් සමන්විත නව වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට සියල්ල සූදානම් බවට තොරතුරු පල වෙනව. උසස් අධ්‍යාපන පනත යටතේ කිසියම් ආයාතනයක් උපාධි ප්‍රධානය කිරීමේ ආයාතනයක් ලෙස පිළිගැනීමේ බලය ඇත්තේ උසස් අධ්‍යාපන ඇමතිටයි!!!! මා සිතන පරිදි නව SLMC පණත ඉදිරිපත් කරන තුරු ඔවුන් බලා සිටිනවා විය හැකි. සම්පිණ්ඩනය:ප්‍රථමයෙන් SLMC සංයුතිය ඉහතින් දැක්වූ පරිදි වෙනස් කිරීම වහාම කල යුතුය. දෙවනුව මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලය ඇතුළු අනෙකුත් පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලවලට අනතුරුව ලියා පදිංචි විය හැකිය.
Reply : 6 5
arunasiripiyathilake Friday, 05 October 2018 10:31 AM
රජය කිසිවිටකත් මාලබේ වස දැමීමට ඉඩ නොතැබිය යුතුය. එය රටට විසල ප්‍රයෝජන ගෙනදේ. විදෙස විනිමය ඉතිරිය , දියුණු සෞක්‍ය සේවයක් ඇතිකිරීමට හා තරගකාරී උස්සස් අද්යාපනයක් ඇති කිරීමට . රටේ අද්යාපන ප්‍රතිපති තිරනකිරීමට දොස්තර සංගමයට ඉඩ නොතැබිය යුතුය.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
