ෆයිසර් කොවිඩ් -19 එන්නත පළමු මාත්‍රාවෙන් දින දොළහකට පසු වෛරසයට එරෙහි යම් මට්ටමක ආරක්ෂාවක් දුටු නමුත් එක් මාත්‍රාවකින් පමණක් ආරක්ෂාව සම්පූර්ණ නොවන බව ෆයිසර් හි ප්‍රධාන විධායක ඇල්බට් බෝර්ලා පවසයි.
"මෙය මාත්‍රා දෙකක එන්නතක්. එබැවින් මිනිසුන් 95%කින් ආරක්ෂා වී ඇති බවටත්, 95%කින් අවදානම පහව ගොස් ආරක්ෂා වීමට ඉඩකඩ ඇති බවට විශ්වාසයක් ඇතිකර ගැනීමටත් ඔබ එන්නත් මාත්‍රා දෙකක් ගත යුතුයි" ජාත්‍යන්තර ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ, අතථ්‍ය සම්මේලනයේදී බෝර්ලා පැවසීය. "එක් මාත්‍රාවකින් එය 50% ක් පමණ හෝ ඒ හා සමාන ආරක්ෂාවක්." යැයි ඔහු සඳහන් කළේය.
වසංගත රෝග දෘෂ්ටි කෝණයකින් බලන විට මෙය වැදගත් වන්නේ, පළමු මාත්‍රාවෙන් ජනගහනයකට යම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබීමට පටන් ගත් විට එයින්ද වසංගතය පාලනයට යම් උපකාරයක් ලැබෙන නිසා යැයිද බොර්ලා පැවසීය.
"නමුත් නැවතත්, මම කියන්නේ, යමෙකු එය එක් මාත්‍රාවකින් පමණක් කිරීමට උත්සාහ කළහොත් එය ඉතා විශාල වැරැද්දක්. මාත්‍රා දෙකක් සමග ඔබ ආරක්ෂාව දෙගුණයක්" යැයි ඔහු පැවසීය.
බෝර්ලා මෙසේ අදහස් දැක්වෙන්නේ එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට කොවිඩ්-19 වෛරසයට එරෙහි පූර්ණ පරීක්ෂාවකින් හා බලයලත් එන්නතක්, ලබාදීම ආරම්භ කළ ලොව ප්‍රථම රට බවට පත්වීමෙන් පසුවය.