සමාජ මාධ්‍ය ලංකාවෙන් ඉවත්විමේ සූදානමක් - SLTC
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහයඛෛඔ(SLTC) පවසයි.
මෙලෙස තම සමාජ මාධ්‍ය අඩවි මෙරට තුළ වාරණයකට ලක්වීම අන් රටවල් ආදර්ශයට ගතහැකි බැවින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම් වල කිර්ති නාමයන්ටද කැළලක් වන බැවින් එම සමාගම් තම සේවාවන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබානොදීමට කටයුතු කිරීමට ක්‍රියාකළ හැකියැයි ඔවුහු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම බවත් කුඩා දරුවාගේ පටන් මෙම දැනුවත් කිරීම් සිදුකල යුතු බවත් පාසල් ICT විෂය නිර්දේශයට සමාජ මාධ්‍ය පරිහරණය පිළිබද විෂය කරුණු එක් කලයුතු බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
popular news
-
td Sunday, 28 April 2019 11:05 PM
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකිකාව වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බවට තොරතුරු ලැබි ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි. කව්ද මේ අසත්‍ය ප්‍රචාරය කරන ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ? ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම්වල කිර්ති නාමයන්ට ද කැළලක් වන බැවින් මෙම අවදානම පවතින බව සමුහය පෙන්වා දෙයි. කුමක්ද මේ ඔබල කියන අවධානම ? ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම්වල කිර්ති නාමයන්ට ඩොලර් කොටිගනනින් නඩු පිට නඩු පැවරීමක් ලෝකයේ බලවත්රටවල් මේදිනවල කරගෙනය යනුලැබේ . මෙයට හේතුව විශේෂයෙන් ෆේස්බුක් ආයතනය ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ අතිශය පුද්ගලික විස්තර ආරක්ෂාව පිළිබද වගකීම් වලින් පැහැර හැර ඇතිනිසාය. මේවනවිට ෆේස්බුක් සමගම විසින්ම ඔවුන්ගේ කිර්ති නාමයන් තිබුනේනම් මේ වනවිට එය කැළැල් කරගෙන බොහෝ කලබව අසත්‍ය ප්‍රචාරය කරන ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වෙත දන්වනු කෑමත් තෙමි.
Reply : 0 3
ජයරත්න Monday, 29 April 2019 12:16 AM
රජය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවකි. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි ලංකාවට නැති වීමෙන් රටට කිසිදු පාඩුවක් සිදුනොවේ එය රටට සහ සමාජයට යහපතකි.
Reply : 0 6
sg Monday, 29 April 2019 12:38 AM
මෙය ප්රජතත්රවදී ක්‍රියාවක් නොවී
Reply : 0 2
Dasun Monday, 29 April 2019 07:46 AM
Let them go. Apita panda?
Reply : 0 1
නීල් Monday, 29 April 2019 10:02 AM
YouTube කියන්නේ self study වලට කදිම මෙවලමක්. මේවා අයින් වෙන එකෙන් ආයෙත් ලිං මැඩියො බිහි කළහැකියි.. වටිනාකම දන්නෙ ප්‍රයෝජනයට ගත්ත අය තමයි...
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

