Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
සුපිරි වෙළෙඳසැල්වලට මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙරට කාන්තාවන් මත්පැනට හුරුවූ බව ශ්‍රී ලංකා අමද්‍යප මහා සංගමයේ නියෝජ්‍ය සභාපතිනි මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය සඳහන් කළාය.
අද (29 දා) කොළඹදී පැවැති වැඩමුළුවකදී ඇය මේ බව සඳහන් කළාය.
බාර්වලට, වයින් ස්ටෝස්වලට ගොස් පිරිමින් මත්පැන් මිලදී ගෙන මත්පැන් භාවිතා කළ බවත්, එහෙත් කාන්තාවන් එම ස්ථානවලට නොයන අතර, එසේ තිබියදී සුපිරි වෙළෙඳ සැල්වලට මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් කාන්තාවන්ට පහසුවෙන් මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව හිමිවූ බවත් ඇය මෙහිදී සඳහන් කළාය.
පන්සල්, කෝවිල්, පාසල් ආසන්යේම මත්පැන් අලෙවිසැල් විවෘත කර තිබෙන බවත්, මේ නිසා මෙවැනි ස්ථානවලට ආසන්නව මත්පැන් අලෙවිහල් පවත්වාගෙන යෑමට ඉඩ ලබා නොදිය යුතු බවත් අනුලා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.
මත්පැන්, මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන බවත්, එය ඉතාමත් භයානක තත්ත්වයක් බවත් ඒ මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
popular news
Kumar Thursday, 29 November 2018 10:11 PM
කාන්තාවන්ට මත්පැන් පාවිචි කරන්න කියා සුපිරිවෙලන්දසල් බලකලේ නැහැනේද. එමනිසා එම වෙළෙඳසල්වලට දොස් පවරන එක හරිද.
Reply : 1 71
leel gunawardana Thursday, 29 November 2018 11:53 PM
මත් පැන් බොනවද නැද්ද ? කියන එක කාවද , කව්ද කියල කොහොමද වෙනස් කරන්නේ මානසික නිදහසත් ප්‍රජා තන්ත්ර වාදයටත් ඉඩදිය යුතුයි නේද පිරිමිද ,ගැහැනුද කියල වෙන කෙනෙක් කොහොමද තීරණය කරන්නේ හොඳ ,නරක තේරුම් ගන්නේ තමන්ම නේද අනුලා මහත්මිය ඔහොම කියනවනම් ලංකාවෙන්ම මත්පැන් බාවිතය තහනම් කරන්න කියල වගකිව යුත්තන්ට කියන්න නමුත් එහෙම වෙයිද ?
Reply : 0 66
rocky Friday, 30 November 2018 05:37 AM
මෙය කිසිම පදනමක් නැති මෝඩ කතාවකි. එසේ නම් කසිප්පු පෙරන ගෙවල් වල ගැහැනුත් කසිප්පු බීමට හුරු විය යුතුය. කුඩු විකුණන ගැහැනුත් ඒවාට හුරු විය යුතුය. මහාචාර්යවරුද ඉඳහිට මෝඩ කතා කියති!
Reply : 0 46
Champa Friday, 30 November 2018 10:50 AM
මේ උඩ comments ලියපු අයට කියන්නේ. --- ඒ කතාවේ කිසිම වැරැද්දක් නැහැ. පහසුවෙන් සහ ලාබෙට සුපර්මාර්කට් වල මත්පැන් අලවි කරන්න තියෙනකොට පිරිමි විතරක් නෙමෙයි තරුණ ගෑනු ළමයි සහ කාන්තාවොත් මත්පැනට හුරු වුනා. මහා රෑ වෙනකම් බාර් ඇරලා තියන්න බැරි වුණාම කරපු වැඩේ තමයි මේක. අනිත් හුඟක් රටවල මත්පැන් අලවි කරන්න වෙලාවල් සහ දවස් තියෙනව. උදාහරණයක් විදිහට යුරෝපයේ සුපර් මාර්කට් වල ඉරිදා දවස් වලට මත්පැන් ඇලවිය තහනම්. New Zealand හරි ඕස්ට්‍රේලියාවේ හරි විරෝධයක් තිබුන සුපර් මාර්කට් වල ලාබෙට මත්පැන් විකුනන හින්ද මිනිස්සු මත්පැනට ඇබ්බැහි වෙලා කියලා. ලංකාවේ ඉන්න කළු සුද්දෝ සුද්දටත් වඩා සුදු වෙන්න යනව.
Reply : 39 1
Nandana Friday, 30 November 2018 11:33 AM
බොන ගැණී කොහොමත් බොනනවා ,නොබොන ගැණී බොන්නෙම නැහැ .මේක කියපු ගැණීට එයාටත් බොන්න පුළුවන් ලංකාවේ එහෙම නීතියක් නැහැ.
Reply : 0 13
ප්‍රියත් ලියනගේ Monday, 03 December 2018 11:26 AM
මෙහිදී කිව යුතු කාරනාවක් තිබෙනවා. සුපිරි වෙළඳ සල් බිහි වෙන්න කලින් ලංකාවේ කාන්තාවන් මත්පැන් පානය නොකළේද? මහාචාර්යවරිය නොදන්නා කරුණු කොළඹ ආශ්‍රිතව පමණක්(මට සිතුනු විදිහට) සොයා බැලීමෙන් මෙසේ කිව නොහැකියි නේද? කඳුකරයේ ශීත පලාත්වල එකලත් (සුපිරි වෙළඳ සල් මෙරට බිහි වීමට කලිනුත්) කාන්තාවන් ඉතා විශාල ලෙස මත්පැන් පාවිච්චිය කලා. එමෙන්ම මුහුදුබඩ වයඹ කලාපයේ කාන්තාවන් මත්පැන් පානය කරා. ඉතින් මෙය පදනම් විරහිත ප්‍රකාශයක්. මෙසේ කියනවා නම් "පිහි වැනි ආයුධ විකුණන්නන තිබෙන නිසා මිනිස් ඝාතනයන් වැඩි වශයෙන් සිදු වන්න වුනා" වැනි තර්කත් ඉදිරිපත් කරන්න පුළුවන්. අනෙක ලංකාවේ පවතින නීතියක් තිබෙනවා. එය එසේ ම ක්‍රියාත්මක වනවා නම් මත්පැන් විකිණීම කාන්තාවන් සඳහා තහනම්. එසේනම් මෙම තර්කය පුස්සක් බවට පත් වනවා නේද මහාචාර්ය තුමියගේ. කාන්තාවන්ට මත්පැන් භාවිතයට අවශ්‍ය නම් සුපරි වෙළඳ සල් තිබුනත් නොතිබුනත් කාට හෝ කෙනෙකුට කියා මත්පැන් මිලදීගෙන එය භාවිත කල හැකියි නේද?
Reply : 0 2
මුනසිංහ Wednesday, 12 December 2018 08:30 PM
හා..හා... මංගල මහත්තයට ඇහෙන්න කියන්නෙපා....බැනුම් අහන්න වෙයි.....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd