ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව අද (14දා) අලුයම වනවිට 27,000 සීමාව ඉක්මවා තිබේ.
ඒ අනුව ස්පාඤ්ඤයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 27,104ක් ලෙස වාර්තා වන අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 228,691කි. කෙසේ වෙතත් ස්පාඤ්ඤය තුළ වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස 140,823ක් දක්වා ඉහළ අගයකි.
මේ අතර ප්‍රංශයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 27,077ක් ලෙස වාර්තා වෙයි. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 178,184කි. එමෙන්ම ප්‍රංශයේ වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස 58,786ක් ලෙස වාර්තා වෙයි.