ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන ලකුණ පිළිබදව ගැටලුවක් නොමැති බවත් අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් බලවේග එකතු කොට මැතිවරණයට ඉදිරිපත්වීම බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්රත්සංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
ඔහු මෙම මෙම අදහස් පළ කලේ මහියංගනය ප්‍රදේශයේ පැවති ජන හමුවකෙට ඊයේ (9දා) එක්වෙමිනි.
“දැනට තිබෙන දේශපාලන වාතාවරණ අනුව බොහෝ අය ප්‍රකාශ කරනවා, අතෙන් එනවාද , පුටුවෙන් එනවාද , පොහොට්ටුවෙන් එනවාද කියලා අහනවා. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමගත්, පොදුජන පෙරමුණ සමගත් ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා.
ඒ නිසා ලකුණ මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ එක්ව සන්ධාන ගත වෙලා එක්සත් ජාතික පක්ෂ විරෝධී සියළු දේශපාලන පක්ෂ එකතු කරගෙන ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නයි. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාට මම ස්තූති වන්ත වෙනවා එතුමා සදහන් කරලා තිබුණා, සද්ධාන ගත වීමක් අවශ්‍යයි කියලා.
ඒ බව පුවත් පත් වාර්තා කරලා තිබුණා. ඒ නිසා කවුරුත් කලබල විය යුතු නැහැ ඉහල දේශපාලන නායකත්වය විසින් ඔබ සියළු දෙනාටම එක්ව එකට එකතු වෙලා ගමේ දේශපාලනය කරන්න පුළුවන් පරිසරයක් හදනවා”
